
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ වවුලුගල ග්‍රීන් පාක් නිවාස සංකීර්ණය හරහා අද (6) සවස හමා ගිය සුළඟකින් නිවාස 11 කට අලාභානි සිදු වී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පොලිසිය සඳහන් කරයි
ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පසුගිය සුළඟින් දෙමහල් නිවාස 11 වහලවල් වලට දැඩි අලාභානි සිදු වීඇති අතර ඉන් කිසිවකුට තුවාල සිදුවී නැතැයි පොලීසිය සඳහන් කරයි.
හදිස්සියේ ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන් ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට පියවර ගත් බවත් පියන්ගේ දේපළ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් හොරණ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා පැවසීය.

